දේව ගරු බිය ඇති කතක්

රෝසිගේ උපන් දින උත්සවය අමතක කිරීමට නුපුළුවන. ආහාර ප්‍රණීත විය. මේසය වටා කිචිබිචිය විනෝද ජනක විය. ඇයගේ පළමු මුණුපුරාගේ පැමිණිම කේක් එකෙහි අයිසින් මෙන් විය. කෙසේ වෙතත් මෙම යහපත් දේවල් ඇගේ පුත්‍රයන් දෙදෙනාගේ ගුණකථනයන් නිසා මැකී ගියේය. රෝසිගේ විවාහය වැඩිකල් නොපැවතුණද තනි මවක ලෙස ඇයගේ විශ්මිත නිපුණතා ඇගේ පුත්‍රයන්ගෙන් ඉස්මතු විය. ඇය ඔවුන්ට සැපයීමට සියල්ල කළ බව ඔවුන්ගේ ගෞරවයන් ප්‍රදර්ශණය…

ජයග්‍රාහී ජේසුස් වහන්සේ

1973 ජනවාරි 14 වන දින සුපර් බෝල් VII ක්‍රීඩා කරන විට පරිපූර්ණත්වය ප්‍රතිඵලය වී තිබිණ, මියාමි ඩොල්ෆින් කණ්ඩායමට පරිපූර්ණ වාර්තාවක් විය, තරඟ දහසයක් පරාජයක් නොමැතිවම ඔවුන් ජයගෙන තිබුණි. සුපර් බෝල් අවසන් වූ පසුව ජයග්‍රාහී ඩොල්ෆින්ස් ලා ක්‍රීඩා ඉතිහාසයේ සම්පූර්ණ වාර්තාවක් ඇති වෘත්තීමය පාපන්දු කණ්ඩායම ලෙස වාර්තාගත වනු ඇත.

ජයග්‍රාහී. එය ජේසුස් වහන්සේටද සරිලන පදවි නාමයකි. උන් වහන්සේගේ සේවය දෙස සමීපව…

ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්ථිර අත්තිවාරම

ඇමෙරිකානු පසුපෙළ ක්‍රීඩක සී. ජේ. ස්ට්‍රවුඩ් තරුණය, දක්‍ෂය, ජේසුස් වහන්සේ ගැන ලජ්ජා නොවන ඇදහිලිවතෙකි. සාමාන්‍ය වෘත්තික කාලය වසර 3.3 ක් වන ක්‍රීඩාවක ස්ට්‍රවුඩ් ඔහුගේ විශ්වාසය රැඳී තිබෙන දෙය ගැන කථා නොකර සිටියේ නැත. “පාපන්දු ක්‍රීඩාවේ බොහෝ දඟර සහ හැරීම් ඇත . නමුත් දවස අවසානයේදී එය ඔබගේ අත්තිවාරම පිළිබඳ කථාවකි. එසේම මාගේ අත්තිවාරම සකස් කරන දෙය නම් මගේ ඇදහිල්ලයි”.

ඉහළ පහළ…

දෙවියන් වහන්සේ සමඟ සහභාගීකම

ගෞරවාන්විත මිනිසා යන ඔහුගේ පොතෙහි රේ ප්‍රිචාර්ඩ් බෙදා ගන්නේ ඔහු සොහොන් බිමක ඇවිදින විට සොහොන් කොතක ලියා තිබූ වදන් කිහිපයක් ගැනය. නමුත් ඊළඟට ඔහු විස්තර කරන්නේ ඊට වඩා සිත් ඇදගන්නා වචන කිහිපයකි. ඒ එම පුද්ගලයාගේ පුත්‍රයාගේ සොහොනෙහිය. “ප්‍රශ්න කළ නොහැකි අවංක කමක් තිබූ පුද්ගලයෙකි”. ප්‍රිචාර්ඩ් ලිවූ ආකාරයට “පූර්ණ ජීවිත කාලයක් විස්තර කිරීමට යොදා ගත් වචන කිහිපයකි. හැට වසරකට වැඩි කාලයක්…

බලය නැත, නමුත් යාච්ඤාව අඩු නැත

තම පුත්‍රයා වන ජේලන් ගැන සාමජ මාධ්‍යය පණිවුඩය ලැබුණ විට ඇනිටා බේලිගේ හදවත පිනා ගියේය. “අද මම සභාවේ සෙනඟ පිළිගන්නෙකු වශයෙන් සිටියෙමි. දරුවෙකු වඩාගත් තරුණයෙකු මා ළඟට පැමිණ මා වටා ඔහුගේ අත් දමා ගත්තේය. මොහොතක් බලා ගෙන සිටි මම ඔහුව හඳුනා ගත්තෙමි. “ජේලන්”. අපි වැළඳගෙන සුළු වේලාවක් කථා කළෙමු. කෙතරම් අනර්ඝ තරුණයෙක්ද”. සෙනඟ පිළිගන්නා ජේලන්ගේ කැරළිකාර කාලයේ සිට ඔහුව දැන…

දෙවියන් වහන්සේගේ විශිෂ්ඨ ශක්තිය

වළෙන් දේශනා කූඩුවට යන පොතෙහි ජෝර්ජ් ස්ටෲප් බෙදා ගන්නේ ඔහුව ශාරිරිකව, ලිංගිකව සහ මානසිකව තුවාල කළ බලවත් සතුරු බලවේගයන් ගැනය. ඔහු සඳහන් කරන්නේ “මම මෝටර් රථයක් පැදවීමට පෙර මත්ද්‍රව්‍ය ගත්තෙමි.... මම පාසැලෙන් ඉවත් වී දිගින් දිගටම අපරාධ රැල්ලට අවතීර්ණ වූයෙමි” යනුවෙනි. අවසානයේදී ජෝර්ජ්ගේ අපරාධ නිසා ඔහු හිරගෙට වැටුණි. වසර පහක සිර දඬුවමක් විඳින අතර බයිබලය ඔහුට සත්‍යයක් බවට පත්වුණි. එසේම…

ක්‍රිස්තුස් වහන්සේ මෙන් පෙනීම

1950-60 ගණන් වල සිටි දරුවෙක් ලෙස මම හැදී වැඩුණේ ඇමෙරිකාවේ විනෝදාංශය වූ බේස්බොල් යුගයේය. පිටියට ගොස් ක්‍රීඩා කරනවා තරම් ප්‍රීතියක් මට නොතිබුණි. මගේ විශාලතම ප්‍රීතිය මා අත් වින්දේ අපගේ කණ්ඩායමේ නම වන “ජයන්ට්ස්” යන නාමය සටහන් කර ඇති බේස්බෝල් ජර්සිය ලැබූ අවස්ථාවේදීය. ජර්සියේ පිටුපස සඳහන් කර ඇති අංක 9 මාව අන් අයගෙන් වෙනස් කර පෙන්නුවද පොදු ඇඳුම අප එකම කණ්ඩායමේ…

යේසුස් වහන්සේගේ යාච්ඤා

ජේසුනී, ඔබ වහන්සේ මා උදෙසා යාච්ඤා කරන්නේ කෙසේද? මාගේ මිත්‍ර ලූ ඔහුට තිබුණු හැකියාවට වඩා වැඩි දැනීමක් සහ ශක්තියක් අවශ්‍ය වූ තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවක ක්‍රිස්තුස් වහන්සේට හදවතින්ම කළ මොර ගැසීම අසන්නට ලැබෙන තුරු එලෙස ප්‍රශ්න කිරීමට මම කවදා හෝ නොසිතුවෙමි. යාච්ඤාවට සැළකිය යුතු එම ප්‍රශ්නය එකතු කරනවා ඇසීමෙන් පසු යාච්ඤාව ගැන මාගේ අවබෝධයට සහ ක්‍රියාවට අළුත් කොටසක් එක් කර ගැනීමට…

දීමේ දීමනාව

ව්‍යාපාරික බිලියනපති රොබට් හේල් විසින් 2024 දී විශ්ව විද්‍යාල සිසුන් 1,200 කට ආමන්ත්‍රණය කරමින් “මේ අසීරු කාලය බෙදා ගැනීම, සැළකීම සහ දීම උද්දීපනය කර ඇත. (මගේ බිරිඳ සහ මම) ඔබට තෑගි දෙකක් දෙන්නෙමු. පළමු එක ඔබට අප දෙන ත්‍යාගයයි. දෙවැන්න දීමේ ත්‍යාගයයි” පැවසුවේය. ඔහුගේ වචන වලින් පසු බලාපොරොත්තු නොවූ උපාධිධාරීන්ට ඩොලර් පන්සීයය බැගින් වූ ලියුම් කවර දෙක බැගින් දෙනු ලබීය.…

වාව්!

“වාව්!” භාවනා මධ්‍යස්ථානයක් නැරඹීමට ගිය අපගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ ප්‍රතිචාරය වූයේ එයයි. දේව සේවයේ මෙහෙවර කරන අය ධෛර්යමත් කිරීමට සහ ප්‍රබෝධමත් කිරීමට ආසාවක් තිබූ අයෙක් එය විශාල මුදලකට මිළදී ගෙන තිබුණි. තට්ටු දෙකට තිබුණු රජෙකුට පවා සුදුසු විශාල ඇඳන්, විශාල කාමර දැක අපි විශ්මපත් වූයෙමු. එසේම විශිෂ්ඨ ලෙස සකසා තිබූ මුළුතැන් ගෙය සහ කෑම ශාලාව මහත් සතුටක් ගෙන දුන්නේය. ඔබ සියල්ල…